Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

30th December 2025 11:14:07 Hours

නිල උසස්වීම් ලැබූ මේජර් ජෙනරල් ඉන්දික පෙරේරා සහ මේජර් ජෙනරල් දුලිත් පෙරේරා හට උපහාර පුද කෙරේ

මේජර් ජෙනරල් නිලයට නිල උසස් වීම් ලද මේජර් ජෙනරල් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ මේජර් ජෙනරල් එල්ඩී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත 2025 දෙසැම්බර් මස 14 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උපහාර පිරිනමන ලදී.

සම්ප්‍රදානුකූලව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී 1 තුමන් නිල උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා පිළිගෙන කඳවුරු සම්මාන මුරයක් පිළිගන්වනු ලැබීය. පසුව රෙජිමේන්තු මධ්‍යස්ථානයේ වැඩබලන මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර්ආර්කේ රාජපක්ෂ උඩගේ සමඟින් තත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනාටම පිළිවෙලින් සම්මාන පෙළපාලියේ උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව මෙම සුවිශේෂී දිනය සනිටුහන් කිරීම සදහා පැල රෝපන කිරීමක් සිදුකර මාතෘ භූමිය ආරක්ෂා කිරීම සඳහා උත්තරීතර ජීවිත පරිත්‍යාගයන් කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ වීරෝධාර නිලධාරීන් සහ සෙසු නිලයින් සිහිපත් කිරීම සඳහා රණවිරු ස්මාරකය අසල පුෂ්පෝපහාර දක්වන ලදී.

පසුව, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා සියලු නිලයින් සමඟ තේ පැන් සංග්‍රහයකට එක් වූ අතර, එහිදී ඔවුන් පැමිණ සිටි අය සමඟ සුහඳ පිළිසදරක නිරත විය.

මෙම උත්සව අවස්ථාව අවසානය සනිටුහන් කරමින් නවතමයෙන් නිල උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දෙදෙනා වෙනුවෙන් නිලධාරී නිවස්නයේ දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා මේජර් ජෙනරල් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ මේජර් ජෙනරල් එල්ඩී පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්හට විශේෂ සිහිවටන ආරක්ෂක සේනා බටහිර නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් පිරිනමන ලදී.