Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th October 2025 19:03:49 Hours

සිංහ සේවා වනිතා ශාඛාවේ මූලිකත්වයෙන් ළමා දින වැඩසටහනක් සිදුකරයි

සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ සංකල්පයකට අනුව 2025 වර්ෂයේ ඔක්තෝම්බර් 01 වන දිනට යෙදී තිබෙන ලෝක ළමා දිනට සමගාමීව වැඩසටහනක් 2025 ඔක්තෝම්බර් මස 04 වන දින පිළියන්දල පිහිටි SOS ළමා ගම්මානයෙහිදී පවත්වන ලද අතර මෙම අවස්ථාව සදහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති හා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් සහභාගි විය.

මෙම අවස්ථාව සදහා සිංහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක් සහභාගි වූ අතර පැමිණ සිටි අයවලුන්ගේ සහ නේවාසික දරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා ක්‍රීඩා අංග පවත්වා එහි ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ලබා දුන් අතර, නේවාසිකව දරුවන්ගේ ප්‍රයෝජනය සදහා රු:30000.00 ක පමණ වටිනාකමින් යුත් ක්‍රීඩා උපකරණද ලබා දෙන ලදී.