Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

04th October 2025 15:23:57 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 69 වන සංවත්සරය අභිමානයෙන් සමරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සිය 69 වන සංවත්සරය යුද්ධ හමුදා සම්ප්‍රදායන්ට අනුව විචිත්‍රවත් අන්දමින් 2025 ඔක්තෝබර් 01 වන දින සැමරීය.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්ෂක සේනා මූලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුසුම් ලෙස පිළිගත් අතර, ප්‍රධාන දොරටුවේදී සම්ප්‍රදායික හමුදා කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.

ඉන් අනතුරුව හමුදා සම්ප්‍රදායන්ට අනුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියළු ඒකක භඨපිරිස් නියෝජනය වන පරිදි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත පිරිනමන ලද ආචාර පෙළපාලිය සදහා මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟ සහභාගි වී වසර 69 ක රෙජිමේන්තුවේ අඛණ්ඩ විශිෂ්ටත්වය අගය කරමින් සභාව ඇමතීමෙන් පසු මාතෘ භූමිය වෙනුවෙන් සේවය කිරීමේදී උත්තරීතර ජීවිත කැපකල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියළුම වීරෝධාර නිලධාරීන් සහ සෙසුනිලයින් සිහිපත් කිරීම සඳහා රණවිරු ස්මාරකය අසලදී පුෂ්පෝපහාර දක්වන ලදී.

69 වන සංවත්සර දිනයේදි රෙජිමේන්තු අධිපතිතුමන් විසින් රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය තුල සෞභාග්‍යමත් අනාගතයක් සංකේතාත්මක කරමින් පැළයක් රෝපණය කරන ලදී.

රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද මහඔය ප්‍රදේශයට ඇතුළු වන කොන්ක්‍රීට් මාර්ගය සංවත්සර දිනයට සමගාමීව විවෘත කර මෙම ප්‍රතිසංස්කරණය සහ අනෙකුත් ඒ ආශ්‍රිත කාර්යයන් සඳහා කඩිසරව කටයුතු කළ සෙසුනිලයින් හට ඇගයීමේ සහතිකයක් සහ කැන්වස් සපත්තු යුගල බැගින් බෙදා දීමෙන් අනතුරුව සෙසුනිල භෝජනාගාරයේ පැවති සියළුම නිල දිවා ආහාරය සදහා රෙජිමේන්තු අධිපතිතුමන් සහභාගී විය.

මෙම උත්සව අවස්ථාවට මත්‍රණ සභා සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායකතුමන්, රෙජිමේන්තුවට අයත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුළු නිලධාරීන් සහ සෙසු නිලයින් විශාල පිරිසක් සහභාගී වූහ.