05th September 2025 21:34:16 Hours
සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව මගින් රණවිරු දූ දරුවන් හට ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩපිළිවෙල යටතේ තවත් එක් වැඩසටහනක් 2025.08.30 වන දින ආරක්ෂක සේනා මූලස්ථානය (බටහිර) නියෝජ්‍ය ආඥාපති හා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පි යූඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමාගේ සහ සිංහ සේවාවනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මැතිණීයගේ ප්‍රධානත්වයෙන් සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිදුකරන ලදී.
මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ 2024 වර්ෂයේ 5 වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 165 ට වඩා ලබාගත් දූ දරුවන් 5 දෙනෙකුට, 2024 වර්ෂයේ අ:පො:ස (සා/පෙළ) විභාගයෙන් සියලු විෂයන් සදහා A සාමාර්ථ ලබාගත් දූ දරුවන් 7 දෙනෙකුට සහ 2024 වර්ෂයේ අ:පො:ස (උ/පෙළ) විභාගයෙන් විශිෂ්ඨ ලෙස සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබාගත් දූ දරුවන් 5 දෙනෙකුට ශිෂ්‍යත්ව ආධාර මුදල් ප්‍රධානය කරන ලදී.
ඒ අනුව අදාල ශිෂ්‍යත්ව ලබාදීම වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක (රු:300,000.00) පමණ මුදලක් වැයදරා ඇත.
තවද මෙම අවස්ථාව සදහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්/ නිළධාරීන් පිරිසක් සහ සිංහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් පිරිසක්ද සහභාගි විය.