07th August 2025 21:40:27 Hours
සිංහ රෙජිමේන්තු සේවාවනිතා ශාඛාවේ සභාපතිනී ඉදුනිල් ජයකොඩි මැතිණියගේ ප්‍රධානත්වයෙන් 2025 ජුනි 30 වන දින අභිමංසල 3 - කුරුණෑගල සුවහසහන මධ්‍යස්ථානයේ නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන්ගේ සුවදුක් විමසා බැලීම සදහා රෝහල් සංචාරයක් සිදුකරන ලදී.
මෙම අවස්ථාව සඳහා සිංහ සේවාවනිතා ශාඛාවේ සාමාජිකාවන් 12 දෙනෙකු පමන සහභාගි වූ අතර පැමිණ සිටි අයවලුන්ගේ සහ නේවාසික රණවිරුවන්ගේ විනෝදාස්වාදය උදෙසා අභිමංසල 3 හි අධිරිද්ම සංගීත කණ්ඩායම විසින් ගීත ගායනා කරන ලදී.
තවද නේවාසිකව ප්‍රථිකාර ලබන රණවිරුවන් 32 ගේ ප්‍රයෝජනය සදහා රු:200000.00 ක පමණ වටිනාකමින් යුත් බතික් ඇදුම් කට්ටල ප්‍රධානය කල අතර ඔවුන් හට තේ පැන් සංග්‍රහයක්ද ලබාදෙන ලද අතර, තම මව්බිම වෙනුවෙන් රණවිරුවන් කල නොසැලෙන කැපවීම සහ පරිත්‍යාගය වෙනුවෙන් ඔවුන්ට කෙරෙහි ඇති සදාකාලික කෘතඥතාවයට උපහාරයක් ලෙස මෙම සංචාරය සිදුකරන ලදී.