28th July 2025 20:31:04 Hours
මේජර් ඊඒයූඑස් එදිරිසිංහ යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරි 8 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 19 වන අණදෙන නිලධාරි ලෙස 2025 ජූලි මස 22 වන දින රාජකාරි භාර ගන්නා ලදී.
නව පත්වීම් ලද අණදෙන නිලධාරි වෙත සම්මාන මුරයක් සමග සම්මාන පෙළපාලයක් පිරිනමන ලද අතර, අනතුරුව ආගමික වතාවත් වලින් පසු අණදෙන නිලධාරි විසින් තම රාජකාරි භාරගැනීම් ලිපි ලේඛණ වලට සිය කාර්යාලයේදී අත්සන් තබන ලදී.
ඉන්පසු, මෙම විශේෂ අවස්ථාව සනිටුහන් කිරීම වස් බලඇණි කාර්යාලය අසල පැළයක් රෝපණය කරන ලදී. ඉන්පසු අණදෙන නිලධාරිතුමන් සමූහ ඡායාරූපය ලබාගැනීමෙන් අනතුරුව භට පිරිස් අමතන ලදී. නව අණදෙන නිලධාරි සියලු නිල තේ පැන් සංග්‍රහයටද සහභාගී වූ අතර ඒකකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් හා සෙසු නිලයන් මෙම විශේෂ අවස්ථාව සඳහා සහභාගි විය.