23rd July 2025 10:07:29 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බලලත් නිලධාරී 1 එස්එස් ප්‍රදීප් 2025 ආසියා පැසිෆික් සහ අප්‍රිකානු බල එසවුම් ශූරතාවලියේදී සමස්ත තරඟාවලියේ රිදී පදක්කම දිනා ගනිමින් කිලෝග්‍රෑම් 59 බර පන්තියේ මුළු බර කිලෝග්‍රෑම් 605 ක් ඔසවා නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීය.
එමෙන්ම බලලත් නිලධාරී 1 එස්එස් ප්‍රදීප් ජ්‍යෙකොනොනිගේ සුවිශේෂී කැපවීම සහ තරගාවලියේදී ඔහු ලද විශිෂ්ඨ ජයග්‍රහණය වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙනුවෙන් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පි යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරි හෘදයාංගම සුභාශිංසන එක් කළේය. ඔහුගේ කැපී පෙනෙන දක්ෂතාවය සහ ඔහු තම මව්බිමට සහ යුද්ධ හමුදාවට හිමිකරදුන් ගෞරවය ඇගයීමට සියලු නිල තේ පැන් සංග්‍රහයක් 2025 ජුලි මස 21 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සංවිධානය කරන ලදී.