23rd July 2025 10:04:47 Hours
1996 ජූලි මාසයේදී එල්ටීටීඊ ප්‍රහාරයට එරෙහිව මුලතිව් කඳවුර ආරක්‍ෂා කිරීමේදී ජිවිත පරිත්‍යාග කළ රණවිරුවන් සිහිපත් කිරීමේ වාර්ෂික අනුස්මරණ උත්සවය 2025 ජූලි මස 17 දින 9 වන බළඇණය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මුලිකත්වයෙන් මුලතිව් රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ඩීආර්එන් හෙට්ටිආරච්චි RWP RSP USP සහභාගි වූ අතර, මෙම සැමරුම් උත්සවයේදී දිවිපිදූ රණවිරුවන් සිහිපත් කරමින් පුෂ්පෝපහාර දැක්වීය.
දිවන්ගත රණවිරුවන් හට ගෞරවාචාරය දැක්වීම සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයන් රැසක් සහභාගී වූහ.