18th July 2025 14:02:18 Hours
1991 ජූලි 14 වන දින අලිමංකඩ යුද්ධ හමුදා කඳවුර ආරක්ෂා කිරීම උදෙසා නිර්භීතව දිවි පිදූ කෝප්රල් ගාමිණී කුලරත්න PWV රණවිරුවා සිහිකර 34 වන අනුස්මරණ උත්සවය 2025 ජූලි මස 14 වන දින අලිමංකඩ රණවිරු ස්මාරකය අභියසදි පැවැත්විණි.
ආඥාපති ආරක්ෂක සේනා මුලස්ථාන (යාපනය) සහ ඉංජිනේරු සේවා බලකායේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කේඒඑන් රසික කුමාර ndc psc ජ්‍යෙෂ්ඨ නිලධාරි උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ අතර, ස්මාරකය අභියසදි පුෂ්පෝපහාර දක්වා කෝප්රල් කුලරත්නට PWV රණවිරුවානන්ට ගෞරව කළේය.
54 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඒඑම්සී අබේකෝන් RWP RSP USP ndc සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ඒඅයි පෙරේරා RWP RSP USP ndc යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු නිලධාරීන් ද සෙසු නිලයින්ද තම මාතෘ භූමිය වෙනුවෙන් අභීතව තම දිවි පිදු කෝප්රල් ගාමිණී කුලරත්න PWV රණවිරුවානන්ගේ මව වන වයිජී ජුලියට් මහත්මිය සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ද අනුස්මරණ උත්සවය සදහා සහභාගි විය.