16th April 2025 12:00:40 Hours
සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනියගේ මඟ පෙන්වීම හා උපදෙස් අනුව 2025 මාර්තු 1 දින මී උණ රෝගයෙන් අවාසනාවන්ත ලෙස මියගිය 5 වන බළඇණීය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රාජකාරී කරනු ලැබූ කෝප්‍රල් කුමාරසිංහ ඒබීඒ රණවිරුවාගේ දරුවන් තිදෙනාට උපකාර කිරීම සඳහා සිංහ සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන් විසින් වියළි සලාක පරිත්‍යාග කරන ලදී.
ඊට අමතරව, සිංහ සේවා වනිතා ශාඛාවේ හිටපු සභාපතිනියක් වන ශිරෝමි මාසකෝරාළ මහත්මිය දරුවන්ගේ යහපැවැත්ම සඳහා මූල්‍ය පරිත්‍යාගයක්ද ලබාදෙන ලදී.
සිංහ සේවා වනිතා ශාඛාවේ සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මිය සහ ලේකම් දිල්රුක්ෂි පෙරේරා මහත්මිය 2025 අප්‍රේල් 6 වන දින තත් රණවිරුවාගේ නිවසට ගොස් අදාල මුදල් පරිත්‍යාග සහ වියලි සලාක භාරදෙන ලදී.