09th April 2025 23:11:14 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 2025 අප්‍රේල් මස 6 වන දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද එක්ව සිටියහ.
58 වන සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි සහ සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී ඉඳුනිල් ජයකොඩි මහත්මිය විශේෂ ආරාධිත අමුත්තන් වශයෙන් සහභාගි වූහ. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්පි ආර්එස්පි යුඑස්පි එන්ඩිසි සහ සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ ලේඛම් දිල්රුක්ෂි පෙරේරා මහත්මිය විශේෂ ආරාධිත අමුත්තන් පිලිගනු ලැබීය.
මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය බනිස් කෑම, කොට්ටපොර, රබන් වාදනය, අලියාට ඇස තැබීම, කඹ ඇදීම, විකට ඇඳුම් තරඟය ඇතුළු තවත් සාම්ප්‍රදායික හා විනෝදජනක ක්‍රීඩා ගණනාවකින් වර්ණවත් කෙරිණි.
උත්සවය සමාප්තියේ, රෙජිමේන්තු අධිපති, රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් තරඟයන්හී ජයග්‍රාහකයින් වෙත ත්‍යාග ප්‍රදානය කරනු ලැබූහ.
මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වී අලුත් අවුරුදු සම්ප්‍රදායන් හා සංස්කෘතිකාංගයන් සමඟින් විනෝද වූහ.