18th March 2025 16:23:33 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවා වනිතා ශාඛාව 2025 මාර්තු 13 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී එහි සභාපතිනි ඉඳුනිල් ජයකොඩි මහත්මියගේ මඟ පෙන්වීම යටතේ ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වැඩසටහනක් සංවිධානය කල අතර, එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් මෙම අවස්ථාවට සහභාගී විය.
මෙම අවස්ථාවේ පැමිණ සිටි රණවිරුවන්ගේ කාලාත්රයින් අමතා නාරාහේන්පිට යුද හමුදා රෝහලේ මේජර් විශ්මිකා ද සිල්වා ජෙෂ්ඨ නිලධාරිනිය විසින් "තෘප්තිමත් විවාහ ජීවිතය" යන මැයෙන් දේශණයක් පැවැත්වීය. ඉන් පසු ජපානයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගේ අනුග්‍රහය ඇතිව, යුද හමුදා නිලධාරී/සෙසුනිලයින්ගේ විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන් තිදෙනෙකුට වසර දෙකක් සඳහා මසකට රු: 3,000.00 බැගින් ශිෂ්‍යත්ව පිළිගැන්වූ අතර, අනෙකුත් රණවිරු කාලාත්රයින් අතරින් කුසපත් ඇදීමකින් දහතුන් දෙනෙකුහට සාරි 13 ක ප්‍රමාණයක් බෙදා දෙන ලදී.