28th February 2025 21:17:22 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 26 වන මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එච් ඒ අයි පෙරේරා ආර්ඩබ්ලිව්පි ආර්එස්පී යුඑස්පි එන්ඩිසි ජ්‍යෙෂ්ඨ නිලධාරි රාජකාරි භාරගැනීම නිමිත්තෙන් 2025 පෙබරවාරි මස 27 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවයක් පැවැත්විනි.
සම්ප්‍රධානුකූලව නව මධ්‍යස්ථාන සේනාවිධායක හට අලංකාරවත් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් නව මධ්‍යස්ථාන සේනාවිධායක ආගමික වතාවත් සිදුකර රාජකාරි භාරගැනීමේ ලේඛණයට සිය කාර්යාලයේදී අත්සන් තැබීය.
ඉන් අනතුරුව මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් සි එන් කත්‍රිආරච්චි ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සමගින් රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පිරිනමනු ලැබූ සම්මාන පෙළපාළියේ ආචාරය පිලිගැනීමට සහභාගි වීමෙන් පසු මෙම සුවිශේෂී දිනය සනිටුහන් කිරිමට පැලයක් රෝපණය කිරිම සඳහා නව මධ්‍යස්ථාන සේනාවිධායක සහභාගි විය.
රට දැය වෙනුවෙන් දිවි පිදු ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ඇතුළු සමස්ත හමුදාවේ සියළුම වීරෝධාර නිලධාරි සහ සෙසුනිලයින් සිහිපත් කිරිම සඳහා රණවිරු ස්මාරකය අසලදී පුෂ්පෝපහාර පුද කිරීමට එක් වීමෙන් අනතුරුව රෙජිමේන්තුවේ රාජකාරි නියුතු භටපිරිස් අමතා සිය අභිලාෂයන් සහ ඉදිරි දැක්ම පිලිබඳව දැනුවත් කිරීමෙන් පසු උත්සවයේ අවසානය සනිටුහන් කරමින් සියළු නිලයින් සමග තේ පැන් සංග්‍රහයක් සඳහා එක් විය.
මෙම අවස්ථාව සදහා මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි විය.