Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

27th February 2025 12:09:06 Hours

සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සිය ධුරයෙන් නික්ම යාම වෙනුවෙන් සම්මාන පෙළපාළියක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක සිය ධූරයෙන් නික්ම යාම වෙනුවෙන් 2025 පෙබරවාරි මස 25 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී උත්සවයක් පැවැත්විනි.

සම්ප්‍රධානුකූලව නික්ම යන මධ්‍යස්ථාන සේනාවිධායක හට අලංකාරවත් කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සී එන් කත්‍රිආරච්චි ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරි කල බ්‍රිගේඩියර් සී එස් තිබ්බොටුගේ ජ්‍යෙෂ්ඨ නිලධාරි පිලිගනිමින් රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් පිරිනමනු ලැබූ සම්මාන පෙළපාළියේ ආචාරය පිලිගැනීමට සහභාගි විය.

පසුව මාතෘ භූමියේ භෞමික අඛණ්ඩතාවය හා ස්වෛරීත්වය වෙනුවෙන් උත්තරීතර ජීවිත පරිත්‍යාග සිදුකල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ඇතුළු සමස්ත හමුදාවේ සියලුම වීරෝධාර නිලධාරි සහ සෙසු නිලයින් සිහිපත් කිරිම සඳහා රණවිරු ස්මාරකය අසලදී පුෂ්පෝපහාර පුද කර උත්සවයේ අවසානය වශයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි නියුතු සියලු නිලයින් සමග තේ පැන් සංග්‍රහයක් සඳහාද එක් විය.

මෙම සුවිශේෂී අවස්ථාව සදහා රෙජිමේන්තු මන්ත්‍රණ සභා සාමාජිකයින් කීප දෙනෙක්, මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක, රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරන ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් සහභාගි විය.