Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

26th December 2024 13:07:10 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 68 වන සංවත්සරය සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි වැඩ භාරගැනීම සනිටුහන් කරමින් උපහාර උළෙලක් පවත්වන ලදී.

2024 ඔක්තෝම්බර් 01 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 68 වන සංවත්සරය සනිටුහන් කරන ලද උත්සවයට සමගාමීව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත උපහාර දැක්වීමේ උත්සවයක් පැවැත්විණි. එම වැදගත් අවස්ථාව රෙජිමේන්තුවේ අභිමානය සහ ගෞරවය පිළිබිඹු කරමින් යුද්ධ හමුදා සම්ප්‍රදායන්, චාරිත්‍ර වාරිත්‍ර සහ ආචාර ධර්ම වලින් සමන්විතව සිදුකරන ලදී.

උත්සවයේ පළමු කොටස ලෙස , ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණී මේජර් ජෙනරාල් ඩබ්ලිව්පිඒඩිඩබ්ලිව් නානායක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි රෙජිමේන්තු මූලස්ථානය වෙත පැමිණි අවස්ථාවේදී විචිත්‍රවත් ආරක්‍ෂක මුරයක් පිරිනමන ලද අතර, රෙජිමේන්තු මධ්‍යස්ථාන නියෝජ්‍ය සේනාවිධායක කර්නල් සීඑන් කත්‍රිආරච්චි ආර්ඩබ්ලිව්පී විසින් උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

අනතුරුව, එම ජ්‍යෙෂ්ඨ නිලධාරි වෙත රෙජිමේන්තු මධ්‍යස්ථාන සරඔ භූමියේදී ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් විසින් සම්මාණ පෙළපාලියක් පිරිනමන ලදී. අභිනවයෙන් පත් කරන ලද මාණ්ඩලික ප්‍රධානි විසින් ආකර්ශනීය හා ගෞරවාන්විත සම්මාණ පෙළපාලිය පරික්‍ෂාවට ලක්කරන ලද අතර, හමුදා සම්ප්‍රදායන් අනුගමනය කරමින් මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී එස් තිබ්බොටුගේ සහ සම්මාණ පෙළපාලියේ අණදෙන නිළධාරී මෙම අවස්ථාවට එක්ව සිටියහ. මීට අමතරව , ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය අදහස් බෙදා ගනිමින් සභාව අමතන ලදී.

අනතුරුව, මෙම සුවිශේෂී අවස්ථාව සිහිකරනු පිණිස මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් පැළයක් රෝපණය කල අතර, ඉන් අනතුරුව මාතෘ භූමිය වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාග කළ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියලුම වීරෝදාර නිලධාරීන් සහ සෙසු නිලයින් සිහිපත් කරමින් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීමක්ද සිදු කරන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරි මෙම උත්සව අවස්ථාව වෙනුවෙන් පැවති සියළු නිළ භෝජන සංග්‍රහය සඳහාද සහභාගිවන ලදී.

සභා සාමාජිකයින්, මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, අණදෙන නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් උත්සව අවස්ථාව සඳහා සහභාගි වන ලදී.