Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

24th June 2024 11:42:11 Hours

මාණ්ඩලික ප්‍රධානී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාලන පරීක්‍ෂණය පවත්වයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ පාලන පරීක්ෂණය, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එච්.කේ.එස් පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු විසින් 2024 මැයි 28 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී.එස්. තිබ්බොටුගේ විසින්, රෙජිමේන්තු මධ්‍යස්ථානයට ඇතුළු වන දොරටුව අසලදී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.

රෙජිමේන්තුවේ පාලන පරීක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පෙර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති සහ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයු, විසින් යුද්ධ හමුදා මූලස්ථානයේ විවිධ අධ්‍යක්ෂක කාර්යාලවල සහ ශාඛාවල අධ්‍යක්ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් පිළිගන්නා ලදී.

අනතුරුව, මාණ්ඩලික ප්‍රධානී විසින් පාලන පරීක්‍ෂාවේ වැදගත්කම අවධාරණය කරන ලදී. විවිධ අධ්‍යක්ෂ මණ්ඩලවල සහ ශාඛාවල අදාළ අධ්‍යක්ෂවරුන් සහ මාණ්ඩලික නිලධාරීන් එවැනි ගැටළු නිරාකරණය කිරීම සඳහා ඔවුන්ගේ නිරීක්ෂණ සභාගත කර ක්‍රියා පටිපාටි සකස් කරන ලදී. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියලුම අණදෙන නිලධාරීන් සහ සියලුම මාණ්ඩලික නිලධාරීන් පරිපාලන පරීක්ෂණ සාකච්ඡා සඳහා සහභාගි වූහ.