Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

24th April 2024 10:27:38 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සාමාජිකයන් වෙනුවෙන් සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක්

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙතින් 2024 අප්‍රේල් මස 19 දින අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සිංහල හා හින්දු අලුත් අවුරුදු සැමරුම් උත්සවයක් පැවැත්වූ අතර එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ සෙසුනිලයන් සමඟින් ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද එක්ව සිටියහ.

උත්සවයේ ආරම්භය සනිටුහන් කරමින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහ එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී නෙලූකා නානායක්කාර මහත්මිය විසින් සම්ප්‍රදායික පොල්තෙල් පහන දැල්වීය.

මෙම අලුත් අවුරුදු සැමරුම් උත්සවය බනිස් කෑම, කොට්ටපොර, රබන් වාදනය, අලියාට ඇස තැබීම, කඹ ඇදීම, විකට ඇඳුම් තරඟය ඇතුළු තවත් සාම්ප්‍රදායික හා විනෝදජනක ක්‍රීඩා ගණනාවකින් වර්ණවත් කෙරිණි.

උත්සවය සමාප්තියේ, එම රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති, එම රෙජිමේන්තු සේවා වනිතා ශාඛාවේ සභාපතිනී සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් තරඟයන්හී ජයග්‍රාහකයින් වෙත ත්‍යාග සහ කුසලාන ප්‍රදානය කරනු ලැබූහ.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහභාගී වී අලුත් අවුරුදු සම්ප්‍රදායන් හා සංස්කෘතිකාංගයන් සමඟින් විනෝද වූහ.