Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

20th April 2021 20:19:51 Hours

දක්ෂතා දැක්වූවන්ට කුසලාන සහ සහතික පත් ප්‍රදානය

නිකවැව ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් සංක්‍රමික පුහුණු පාසැල මගින් 2021 ජනවාරි මස 04 වන දින ආරම්භ කරන ලද "කණ්ඩායම් පුහුණු පාඨමාලා අංක: 01" 2021 අප්‍රේල් මස 11 වන දින සාර්ථක ලෙස අවසන් විය. 53 වන සේනාංකයේ සේනාංකාධිපති, මේජර් ජෙනරල් නිශාන්ත මානගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ගේ උපදෙස් මත ආරම්භ කරන ලද මෙම පාඨමාලාව සඳහා 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව (ශ්‍රීලසිරෙ), 5 වන ගැමුණු හේවා බලකාය, 8 සහ 22 වන ගජබා රෙජිමේන්තුව යන ඒකකයන් නියෝජනය කරමින් නිලධාරීන් 08 දෙනෙකු සහ සෙසු නිලයින් 272 දෙනෙකු සහභාගී වූහ. පාඨමාලා සමාප්ති උත්සවය සඳහා ආරාධිත අමුත්තා ලෙස 533 වන බල සේනාවේ බලසේනාධිපති, බ්‍රිගේඩියර් පීකේඑස් නන්දන සහභාගී වූ අතර, විශිෂ්ඨ දක්ෂතා දැක්වූවන්ට කුසලාන සහ සහතික පත් ප්‍රදානය කිරීම එතුමන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදී.

* දක්ෂතම වෙඩික්කරු - දෙවන ලුතිතන් කේටී සංදීපන 12 ශ්‍රීලසිරෙ

* සෑම අතින්ම අතිශූර කණ්ඩායම - 12 ශ්‍රීලසිරෙ 'සී' කණ්ඩායම