Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

18th April 2021 12:05:36 Hours

නොගැඹුරු මුහුදේ මුර සංචාර සිදුකිරිම සදහා සිදුකරන ලද පාඨමලව

යුද්ධ හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව නොගැඹුරු මුහුදේ මුර සංචාර සිදුකිරිම සදහා ස්ථාපනය කිරිමට නියමිත 1 වන බළඇණිය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ භඨ පිරිස් විසින් ඒ සදහා සුදානම් විමට පෙර සිදුකරන ලද පාඨමලා අතුරින් විශේෂ බළකා සංග්‍රාමික කිමිදුම් පුහුණු පාසල නායාරු වෙතින් පවත්වන ලැබු මුලික කිමිදුම් පාඨමාලාව සාර්ථකව නිමා කර 2021.04.04 වන දින විසිර යන ලදි. මේ අතුරින් මෙම ඒකකයේලුතිතන් ඕඑම් යද්දෙහිගේ සහ සෙ/385132 රසෙ රාජපක්ෂ කේඩිඩි අයවලුන් අනෙකුත් සහභාගි වු ශ්‍රි ලංකා ඉන්ජිනේරු බළකාය, ශ්‍රි ලංකා කාලතුවක්කු හමුදාව, ශ්‍රි ලංකා පාබල හමුදාවේ සහ විශේෂ බළකායේ සෙබඵන් අභිබවා 2 වන සහ 3 වන ස්ථානය ලබාගෙන ඇත. තවද, මෙම පාඨමාලාවේ දක්ෂතම පිහිණුම් කරුවා සෙ/385607 රසෙ කුමාර ආර්එම්එස්යු විසින් හිමි කරගන්නා ලද අතර, මෙම ඒකකය වෙතින් සහභාගි වු සෙනින් සියලු දෙනා පාඨමාලාවේ මුල් දසදෙනා අතර පැමිණ ඇත.