Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th March 2020 12:22:30 Hours

මැක්සිස් 'තුරු වියන' හරිත ව්‍යාපෘති අදියර II ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී ආරම්භ කරන ලදි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වනාන්තරය හා අලංකාරය සඳහා වන ජාතික මෙහෙයුමට තවත් එක් පෙරමුණක් එක් කරමින්, 'මනුසත් දෙරණ' පැල සිටුවීමේ වැඩසටහනට සමගාමීව, 2020 මාර්තු 10 වන දින උදෑසන මැක්සිස් 'තුරු වියන' ව්‍යාපෘතිය, ප්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙනිය මහතා සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා පාබල අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කළේය.

සාම්ප්‍රදායික පොල් තෙල් පහන දැල්විමෙන් අනතුරුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරී මේජර් සමීර දසනායක මහතා පිළිගැනීමේ දේශනය පැවැත්වීය. මෙම අවස්ථාවට වටිනාකමක් එක් කරමින් රවින්ද්‍ර රන්දෙනිය මහතා රැස්ව සිටි පිරිස අමතමින් රටේ හරිත පරිසරය නඟා සිටුවීම සඳහා ප්‍රයෝජනවත් වන යුද්ධ හමුදාව සතු විනය හා සුසංයෝගය ඉස්මතු කළේය.

මැක්සිස් ටයර් හවුස් සමූහයේ කළමණාකාර අධ්‍යක්ෂ සුනිල් ෆොන්සේකා මහතා ද වර්ථමානයේ හරිත පරිසරයේ ඇති වැදගත්කම අවධාරණය කළේය.

පසුව, වැඩසටහනේ ආරම්භක අදියර ලෙස රෙජිමේන්තු පරිශ්‍රයේ පැල 100 ක් සිටුවීම සඳහා 'අනෝද' (Soursop), දූරියන්, (Durio zibethinus), දිවුල් (Limonia acidissima), 'අඹ' (Mangifera indica), පොල් (Cocos nucifera) 'ආදිය සිටුවීමට ආරාධිතයින් සහභාගී වූහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවාවනිතා සභාපති පියුමාලි මුදන්නායක මහත්මිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවාවනිතා ලේකම් පද්මිණි පල්ලාවෙල මහත්මිය, “මනුසත් දෙරණ”, මැක්සිස් ටයර් සමූහයේ සාමාජිකයින්, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපතිගේ සමීප අධීක්ෂණය යටතේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් ජාතික වනාන්තර ආවරණය වැඩි කිරීම සඳහා ගස් හා කෘෂි වන වගා පද්ධති රෝපණය කිරීම සඳහා රජයේ පරිසර හිතකාමී නාගරික හා අර්ධ නාගරික ප්‍රදේශ සහ රට අලංකාර කිරීමේ හරිත ව්‍යාපෘති සංකල්පයට සමගාමීව පැළ 1500 ක් දක්වා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරයි.