Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

23rd December 2019 20:58:21 Hours

මධ්‍යම පරිසර අධිකාරියේ සිට නව යුද්ධ හමුදා මුලස්ථානය වෙත පැමිණෙන මාර්ගය දෙපස සිදුකල රුක් රෝපණ වැඩසටහන සඳහා රෙජිමේන්තු අධිපතිතුමන් සහභාගී විය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිතුමාගේ සංකල්පයකට අනුව 2019 වර්ෂයේ යුද්ධ හමුදා මුලස්ථාන‍ය මගින් පවත්වනු ලබන නත්තල් උත්සවයට සමගාමීව නව යුද්ධ හමුදා මුලස්ථානය වෙත මධ්‍යම පරිසර අධිකාරිය දෙසින් පැමීණෙන පිවිසුම් මාර්ගයේ සිට නැගෙනහිර පිවිසුම දක්වා මාර්ගය දෙපස මීටර් 1700 ක භූමි ප්‍රමාණයක් ආවරණය වන පරිදි විවිධ වර්ණයන්ගෙන් යුත් අරලිය පැල රෝපණය කිරීමක් 2019 දෙසැම්බර් මස 23 වන දින සිදුකරන ලදී.

මෙම රුක් රෝපණ වැඩසටහන සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් සහභාගී වු අතර එහිදී විවිධ වර්ණයන්ගෙන් යුත් අරලිය පැල 06 ක් රෝපණය කරන ලදී.