Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th December 2019 13:39:47 Hours

ශ‍්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමය විසින් රෙජිමේන්තු අධිපතිතුමා පිළිගැනීමේ උත්සවය

ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමයේ කාරක සභාවක් එම සංගමයේ ගරු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ආර්ඒඒඑa පෙරේරා ආර්එස්පි ගේ ප්‍රධානත්වයෙන් 2019 දෙසැම්බර් මස 08 වන දින 0830 පැයට අඹේපුස්ස ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.

මෙම රැස්වීමේ ප‍්‍රධානම අරමුණ වූයේ ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති තුමා වන මේජර් ජෙනරාල් එම් මුදන්නායක ආර්එස්පි යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී තුමන් පිළිගෙන එතුමා හට ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමයේ ප‍්‍රධාන අනුශාසක ධූරය පිරිනැමීම වේ.

ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමයේ ගරු සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ආර්ඒඒඒ පෙරේරා ආර්එස්පි විසින් ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති තුමා ගෞරවයෙන් පිලිගන්නා ලද අතර ශී‍්‍ර ලංකා සිංහ රෙජිමේන්තු සේවාමුක්ත භට සංගමයේ කි‍්‍රයාකාරිත්වය, සාමාජිකයන්ට ලැබෙන වරප‍්‍රසාද, දිස්ති‍්‍රක් සංවිධාන දිනෙන් දින වර්ධනය කිරීම සහ සංගමයේ තේමාව සබැඳිව දැනුවත් කරන ලදි.