Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

25th September 2019 18:07:10 Hours

නවීකරණය කරන ලද රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යාල සංකීර්ණය

නව ගොඩනැගිල්ලක් ලෙස නවීකරණය කරන ලද ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන කාර්යාල සංකිර්ණය යුධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2019 සැප්තැම්බර් මස 21 වන දිනට යෙදුන සුභ මො‍හොතින් විවෘත කරන ලදි.

මේ සදහා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් ආර්ඩබ්ඩබ්ඒඩිබි රාජගුරු ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරී ඇතුලුව රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, කණිෂ්ඨ නිළධාරින් හා සෙසුනිළයින් සහභාගි විය.

මෙම දෙමහල් කාර්යාල සංකීර්ණය ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ සහාය ඇතිව ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ සෙසුනිළයින් විසින් මාස 6 ක කාලයක් ඇතුලතදී ලුතිතන් කර්නල් උදිත අංගම්මන ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සුපරීක්‍ෂණය යටතේ හා වත්මන් රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ නිරන්තර මගපෙන්වීම මත මෙම ඉදිකිරීම ඉතා සුළු කාලයක් තුලදී අවසන් කිරීමට හැකියාව ලැබුණි.