25th September 2019 11:50:33 Hours
ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රිකට් ක්‍රිඩාංගනයේ නවතමයෙන් ඉදිකරන ලද ක්‍රීඩා මණ්ඩපය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ඒපී පල්ලාවෙල ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ආරාධනය මත මේජර් ජෙනරාල් ආර්ඩබ්ඩබ්ඒඩිබි රාජගුරු ආර්ඩබ්පි ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් 2019 සැප්තැම්බර් මස 21 දින විවෘත කරන ලදි.
මේ සදහා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුලු රෙජිමේන්තු මධ්‍යස්ථාන නිළධාරි හා සෙසුනිළයින් සහාභාගි විය. මෙම ක්‍රිඩා මණ්ඩපය විවෘත කිරිමේ උත්සවයට සමගාමීව ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු හා ශ්‍රී ලංකා විද්‍යුත් හා යාන්ත්‍රික ඉංජිනේරු කණ්ඩායම් අතර ක්‍රිකට් තරගයක්ද ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රිඩා සංචිතය විසින් සංවිධානය කර තිබුණි.