Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

10th September 2019 13:56:58 Hours

සිංහ කැෆේ අවන්හල මහජනතාව සදහා විවෘත වූ වගයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සිංහ සේවාවනිතා සභාපතිතුමියගේ සංකල්පයකට අනුව යුද්ධයේදී ආබාධිත වු රණවිරුවන්ගේ සහ යුද්ධයේදී තම ස්වාමියා මියගිය රණවිරු බිරින්දෑවරුන්ගේ සුරතින් සිදුකරනු ලබන නිෂ්පාදන අලෙවි කිරීම සදහා කොළඹ - නුවර මාර්ගයෙහි අඹේපුස්ස මංසන්ධිය අසල ඉදිකරන ලද “සිංහ කැෆේ” සුභසාධක වෙළදසැල 2019 සැප්තැම්බර් මස 10 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති වන මේජර් ජෙනරාල් එම්කේඩී පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන්ගේ සුරතින් විවෘත කරන ලදී. මේ සදහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සිංහ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වන ශිරෝමි මාසකෝරාල මැතිණිය, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒපී පල්ලාවෙල ආර්ඩබ්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරි තුමන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, කණිෂ්ඨ නිළධාරීන් හා සෙසු නිළයන් ද සහභාගී විය.