Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

09th January 2019 15:26:19 Hours

නව වසරේ නව දැක්මක් සඳහා පුහුණු දිනයේදී විශේෂ දේශණයක්

සමස්ථ සමාජයටම පිළිලයක්ව පවතින මත් උවදුර පිටුදැකීම හා නව වසරේ නව අරමුණු පෙරදැරිව කටයුතු කරමින් සාර්ථකත්වයක් ලබාගන්නේ කෙසේද යන්න කදිමට විවරණය කල ප්‍රවීණ මනෝවිද්‍යා උපදේශක ආචාර්ය චන්දන ගුණවර්දන මහාතා පැය 04 කට වැඩි කාලයක් පුරාවට සිය වටිනා දැනුම් සම්භාරය ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක තුමා ඇතුළු 1400 කට අසන්න නිළධාරි හා සෙසුනිළයන් හමුවේ නිර්ලෝභීව බෙදා දෙන ලදි.

මෙම මහගු කාර්ය සදහා සිංහ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ උපදේශකත්වය හා මගපෙන්වීම මනා පිටුවහලක් වූ අතර එය සිංහ නැණස ව්‍යාපෘතියේ තවත් දිගුවක් ලෙස 2018 ජනවාරි මස 08 වන දින රෙජිමේන්තු මධ්‍යස්තාන පරිශ්‍රෙය්දී පැවැත්විණි.