Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th January 2019 15:39:58 Hours

විශ්‍රාමයාමට නියමිත මේජර් ජෙනරාල් වරුන් තිදෙනෙකු වෙනුවෙන් සම්මාන පෙළපාලියක් රෙජිමේන්තු මධ්‍යස්ථාන‍යේදී පැවැත්විනි.

වසර 30 කට නොඅඩු සේවා කාලයක් සපුරමින් මාතෘ භූමියට අනුපමේය මෙහෙයක් ඉටුකල මේජර් ජෙනරාල් හරෙන් පෙරේරා, මේජර් ජෙනරාල් අතුල සිල්වා, මේජර් ජෙනරාල් අතුල හැන්නැදිගේ යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීම නිමිතිකොටගෙන 2019 ජනවාරි මස 03 වන දින අඹේපුස්ස සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සම්මාන පෙළපාලියක් හා සියළු නිල තේපැන් සංග්‍රහයක් හා දිවා භෝජන සංග්‍රහයක් පවත්වන ලදී.

විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල්වරුන් මධ්‍යස්ථාන සේනාවිධායකතුමන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබූ අතර පසුව කදවුරු සම්මාන මුරයක් හා වර්ණවත් සම්මාන පෙළපාලියක් ලබාදීමෙන් හරසරට පත්කරන ලදී. අනතුරුව රණවිරු ස්මාරකය වෙත පැමිණි ඔවුන් මියගිය රණවිරුවන් සිහි කරමින් පුෂ්පෝපහාර දක්වන ලදී.

පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා වෙනුවෙන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් බනි සැරයන් නිවස්නයේදී පැවැත්වූ අතර නිළධාරී නිවස්නය මගින් දිවා භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබිණි මෙම අවස්ථාව සදහා සහභාගී වූ අධ්‍යක්ෂ ජෙනරාල් පාබල මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන විසින් විශ්‍රාම යාමට නියමිත මේජර් ජෙනරාල් නිළධාරීන් තිදෙනා යුද්ධ හමුදාව උදෙසා සිදුකල සේවය අගයමින් විශේෂ ස්තූති කථාවක් ද පවත්වන ලදී.