Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th February 2024 22:18:01 Hours

සිංහ රෙජිමේන්තුවේ 'එල්සා' සිය හයවන උපන්දිනය සමරයි

අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ රැක බලා ගන්නා එල්සා සිංහ දේනුව සිය සයවන උපන් දිනය පසුගිය සඳුදා (2024.01.22) දින සැමරුවාය. ඈ වෙනුවෙන් උපන්දින කේක් අනුරුවක්ද සිංහ රෙජිමේන්තුව විසින් සකසා තිබූ අතර උපන්දින සැමරුමට ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් චමින්ද තිබ්බොටුගේ, රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයින් මෙන්ම එම සුරතලුන් රැකබලාගන්නා අයවළුන්ද සහභාගී වූහ.

මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ප්‍රථමයෙන් උපන්දින කේක් කැපුවේ රැස්ව සිටි පිරිස උපන්දින සුබපැතුම් ප්‍රකාශ කිරීම ආරම්භ කරමිනි. වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් දිනේෂ් නානායක්කාර ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මගපෙන්වීම යටතේ මෙම උත්සවය සංවිධානය කරන ලදී.