Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

17th February 2020 11:14:40 Hours

සිංහ රෙජිමේන්තු අධිපති විසින් රෙජිමේන්තුව වෙත අනුයුක්ත කරන ලද නවක නිලධාරීන්ගේ දෙමාපියන් ගෞරවයෙන් පිළිගනියි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු ඉතිහාසියට නව පරිඡිඡේදයක් එක් කරමින් එම රෙජිමේන්තුව වෙත නවතමයෙන් පත්වන ලද නිලධාරීන්ගේ දෙමාපිය හමුවක් පසුගිය සිකුරාදා (7) දින අම්බෙපුස්ස පිහිටි එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සංවිධානය කරන ලදි.

රෙජිමේන්තු සධ්‍යස්ථානය වෙත පැමිණි දෙමවුපියන් හා පවුලේ සාමාජිකයින් රෙජිමේන්තු මධ්යස්ථානයේ සේනාවිධායක විසින් සාදරයෙන් පිළිගන්නා ලද අතර නවතමයෙන් පත්වන ලද නිලධාරීන්ගේ ඔවුන්ගේ දෙමව්පියන් වෙනුවෙන් ‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව’ පිළිබඳ ඉදිරිපත් කිරීමක් සිදුකරන ලදී.

එම හමුවේදී, නවක නිලධාරීන්ගේ පවුල් 18 ක සාමාජිකයින් විවිධ විනෝදාත්මක එළිමහන් සංචාරයන්හි නිරත වුහ. එමෙන්ම ඔවුන්ගේ අදහස් හුවමාරු කරගැනීමට එය කදිම අවස්ථාවක් කර ගත්හ. දිවා ආහාරයට පෙර අමුත්තන් සිංහ කෞතුකාගාරය, රණවිරු ස්මාරකය, රෙජිමේන්තු සුරතලා (සිංහ කූඩුව), පරිසර හිතකාමි පුස්තකාලය සහ මා ඔය ආශ්‍රිත කබානා ප්‍රදේශයන්හි සංචාරයෙහි නිරත විය.

රෙජිමේන්තු අධිපති ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක, හා එම මැතිනිය, මධ්‍යස්ථාන සේනාවිධායක, බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල හා එම මැතිනිය මෙන්ම රෙජිමේන්තු කාර්ය මණ්ඩල නිලධාරීන් ආරාධිත අමුත්තන් සමඟ සංගීත කන්ඩායමේ මියුරු සංගීත රසාසිවාදය විඳිමන් දිවා ආහාරය සඳහා සහභාගි විය.

විනෝදයෙන් හා ප්‍රීතියෙන් ගත කළ දිනය නිමා කරමින් ආගන්තුක සත්කාරය සහ මිත්‍රත්වය පිළිබඳ ආදරණීය මතකයන් සමඟ සවස් වරුවේ ඔවුන් අම්බෙපුස්ස රෙජිමේන්තු පරිශ්‍රයෙන් නික්ම ගමි-බිමි බලා පිටත්විය.