Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th March 2018 10:14:33 Hours

සිංහ නිවාඩු නිකේතනය - දියතලාව නවීකරණය ඇර‍ඹේ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඒ පි ද ඉසෙඩ් වික්‍රමරත්න ආර්ඩබ්පි එන්ඩියු පිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් හා පුර්ණ අධික්ෂණය යටතේ සිංහ නිවාඩු නිකේතනය දියතලාව වර්තමානයට ගැලපෙන පරිදි නවිකරණය කිරිමට සැලසුම් සකස් කරනු ලැබිය.

එම සැලසුම් ක්‍රියාවට නැංවිම සනිටුහන් කරමින් 2018/03/08 දින උදැසන 0640 ට යෙදුණු සුභ මොහොතින් ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල දියතලාවෙහි සේනාවිධායක කර්නල් ඒ ජේ ගුණවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් නවිකරණ කටයුතු අරඹන ලදි.

මෙම නවීකරණ කටයුතු සදහා 17 වන ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ පුර්ණ දායකත්වය ලබාදිමට නියමිතව ඇත.