Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

20th June 2025 15:08:05 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සුභසාධන හා පුහුණු පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා නවතමයෙන් ඉදිකල යටිතල පහසුකම් විවෘත කෙරේ

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයට අනුව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ අධීක්ෂණය යටතේ, රාජකාරි කරනු ලබන සෙසුනිලයින්ගේ වාහන නැවැත්වීමේ ස්ථානයක් සහ පුහුණු අංශය සදහා නවතමයෙන් ඉදිකල ගොඩනැගිලි සංකීර්ණය 2025 ජුනි 19 වන දින විවෘත කරන ලදී.

දීර්ඝ කාලීනව අවශ්‍යතාවයක්ව පැවති වාහන රථ ගාල් කිරීමේ අංගනය ඉදිකිරීම මගින් ආරක්ෂිතව වාහන ගාල් කිරීමට පහසුකම් සපයන අතර, නව පුහුණු ගොඩනැගිලි සංකීර්ණය ඉදිකර යටිතල පහසුකම් දියුණු කිරීම මගින් රෙජිමේන්තුවේ පුහුණු කටයුතු සාර්ථක කර ගැනීමට මහගු පිටුවහලක් වනු ඇත.

මෙම නව ඉදිකිරිම් සිංහ රෙජිමේන්තුවේ ඉදිරි අරමුණු සාක්සාත් කර ගත් උත්සාහයන්ගේ තවත් එක් ඉදිරි පියවරක් බවට සනිටුහන් කරනු ලබයි.