Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

05th February 2018 17:44:59 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ට හා උපකරණ පාලක සැරයන් මේජර්වරුන් හට වැඩමුළුවක් සාර්ථකව රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් හා උපකරණ පාලක සැරයන් මේජර්වරුන් සඳහා දෙදින පුහුණු වැඩමුළුවක් 2018 ජනවාරි මස 15 හා16 යන දිනයන්හිදී ඉතාමත් සාර්ථක අන්දමින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ඒ පි ද ඉසෙඩ් වික්‍රමරත්න ආර්ඩබ්ලිව්පි එන්ඩියු පිඑස්සී මැතිතුමාගේ සංකල්පයකට අනුව පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති වැඩමුළු මාලාවේ පළමුවන වැඩමුළුව වශයෙන් මෙය පැවැත්විණි.

මෙම වැඩමුළුව සදහා සහභාගි වුවන්ට විද්වත් දේශකයන්ගේ දේශනවලට සවන්දීමට අවස්ථාවක් උදාවු අතර එමගින් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට හැකියාව ලැබිණි. මෙම වැඩමුළුව දේශන, ශාරීරික අභ්‍යාස, අවි සරඹ, නිදර්ශණ හා සංවාද වලින් යුක්ත විය.