Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

06th December 2019 15:37:34 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපතිතුමාගේ ඒකක සංචාරය.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තුවේ අධිපතිතුමා වන මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරී විසින් තම ප්‍රථම ඒකක සංචාරය වශයෙන් 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව 2019 දෙසැම්බර් මස 05 වන දින සංචාරය කල අතර එහි දෙවන අධියර වශයෙන් 2019 දෙසැම්බර් මස 06 වන දින 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සංචාරය කරන ලදී.

කඳවුරු සම්මාන මුරයක් පිරිනැමීමෙන් අනතුරුව එම ඒකකයන්හි අණදෙන නිළධාරීවරුන් විසින් තම රෙජිමේන්තු අධිපතිතුමා මහත් හරසරින් පිළිගන්නා ලදී

පසු තම ඒකක සංචාරය සනිටුහන් කරමින් රුක්රෝපණයක්, සමුහ ඡායාරූපයක්ට පෙනී සිටීමක් සහ භඨ පිරිස් ඇමතීමක් රෙජිමේන්තු අධිපතිතුමා විසින් සිදු කරන ලදි. ඒකක සංචාරයේ අවසන් අංගය වශයෙන් නිළධාරී නිවස්නය වෙතින් සංවිධානය කරන ලද දිවා ආහාරය සදහා ද රෙජිමේන්තු අධිපති තුමන් සහභාගී වු අතර එහිදී සමරු සටහනක්ද තබන ලදී.