Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

28th June 2025 13:23:05 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරී පුහුණු දිනයක් පවත්වයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන්ගේ පුහුණු දිනය 2025 ජුනි 27 වන දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී ආරක්ෂක සේනා මුලස්ථාන (බටහිර) නියෝජ්‍ය ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි අතුළුව ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. රෙජිමේන්තු අධිපතිතුමා විසින් පුහුණුවේ වැදගත්කම සහ අනාගත අභියෝග සඳහා සූදානම් වීමේ අවශ්‍යතාවය මෙම පුහුණු සැසියේදි නිලධාරීන් හට අවධාරණය කළේය

ශාරීරික අභ්‍යාස පුහුණු සැසියකින් පුහුණු දිනය ආරම්භ කර අසි සරඹ පුහුණුවීම් සිදු කිරීමෙන් අනතුරුව මේජර් එම් කේ එස් ද සිල්වා ශ්‍රීලයුපොසේබ ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ‘පුද්ගල්ක මූල්‍ය කළමනාකරණය’ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ කපිතාන් ඒ ජි එම් පි කේ විජේනායක ආර්එස්පි,පිඑස්සි,පිටිඑස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ‘වර්ථමාන ඉන්දියන් සාගරය ආශ්‍රීත දියුණුව හා එහි ශ්‍රී ලංකාවට ඇති බලපෑම’ පිළිබඳ දේශන සිදුකල අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගි වී සන්ද්‍යාවේ සුහඳතාවය වර්ධනය කරමින් මිත්‍රශීලී ක්‍රිකට් තරඟාවලියක් සංවිධානය කරන ලදී.

අවසන් වශයෙන් මහාචාර්ය නිලන්තන් නිරුතන් විසින් ‘වත්මන් භූගෝලීය තත්වය සහ එහි බලපෑම’ යන මාතෘකාව යටතේ කාලෝචිත දේශනයකින් සියළුම නිලධාරීන් දැනුවත් කිරීමෙන් පසු රාත්‍රි භෝජන සංග්‍රහයෙන් දිනය අවසන් විය.