Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

04th November 2019 21:49:48 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපතිගේ රාජකාරීන් ආරම්භ කිරීම

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්වේ 12 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීතුමන් සම්ප්‍රධානුකුලව වැඩ භාර ගැනීමේ උත්සවය වර්ෂ 2019 නොවැම්බර් මස 04 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ඨානය - අඹේපුස්ස හිදී පැවැත්විනි.

එහිදී නව රෙජිමේන්තු අධිපති වෙත වර්ණවත් සම්මාන පෙළපාලියක් හා කදවුරු මුරයක් පිරිනමන ලද අතර විශ්‍රාම ලබා සිටින හිටපු රෙජිමේන්තු අධිපතිවරුන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙකොනොනීන්, සේවයේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් හා සෙසුනිලයින් එම උත්සවය සඳහා සහභාගී විය. සාම්ප්‍රධානුකුල පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරුව ආගමික චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ නව රෙජිමේන්තු අධිපති ලෙස වැඩ ඇරඹන ලද නව රෙජිමේන්තු අධීපතිතුමා එය සනිටුහන් කිරීම වස් රුක් රෝපණයක්ද සිදු කරන ලදී.

නව රෙජිමේන්තු අධීපති ලෙස රාජකාරින් ඇරඹීමත් සමග රට ජාතිය ආරක්‍ෂා කිරීම සදහා තම ජීවිත පරිත්‍යාග කල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරුවන් සිහි කරනු වස් රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර උත්සවයක් පවත්වන ලදී.

ඉන්පසුව, රෙජිමේන්තු අධිපතිතුමා බලලත් නිළධාරී සහ සැරයන් නිවස්නායේ සුදානම් කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වු අතර සෙසු නිලධාරීන් සහ බිරින්දෑවරුන් පිහුණුම් තඨාක පරිශ්‍රයෙහි සුදානම් කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වන ලදී.

මෙම උත්සවයේදී නව රෙජිමේන්තු අධිපතිතුමා විසින් සියලු නිලයන් අමතන ලද අතර එහිදී වසර 63 ක පෞඩ අභිමානයකට හිමිකම් කියන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අභිමානවත් රණවිරුවන්ගෙන් සමන්විත අතර ඔවුන් මව්බිම නිදහස් කරන ලද මානුෂීය මෙහෙයුමේදි මෙන්ම ඉන් අනතුරුවද කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකල බව සදහන් කල අතර වෘත්තීය නිපුණතාව තුලින් සාර්ථකත්වය අත්පත් කරගත හැකි බවද තවදුරටත් පවසන ලදී.

එම උත්සවයේ අවසාන අංගය ලෙස නිළධාරී නිවස්නයේදී පැවති දිවා ආහාරය සඳහා සේවයේ නියුතු මෙන්ම විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිළධාරීන් සහ එම භාර්යාවන් සහභාගී විය.