Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

08th January 2024 22:42:40 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව රෙජිමේන්තු අධිපති රාජකාරී අරඹයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ 18 වන රෙජිමේන්තු අධිපති ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සඳුදා (2024 ජනවාරි මස 01) දින අඹේපුස්ස ප්‍රස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ පැවති කෙටි උත්සවයකදී රාජකාරී භාරගත්තේය.