15th February 2025 09:11:36 Hours
58 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජේ කේ ආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි 2025 පෙබරවාරි මස 11 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය අඹේපුස්ස කදවුරේදී 19 වන රෙජිමේන්තු අධිපති වශයෙන් රාජකාරි භාර ගන්නා ලදි.
හමුදා සාම්ප්‍රදානුකූලව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් සී එන් කත්‍රිආරච්චි ආර්ඩබ්ලිව්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් නව රෙජිමේන්තු අධිපති පිලිගැනීමෙන් අනතුරුව අලංකාරවත් කදවුරු සම්මාන මුරයක් පිරිනමන ලදී.
උත්සව මාලාවේ ආරම්භයත් සමගින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කරමින් නව රෙජිමේන්තු අධිපති රාජකාරි භාරගැනීමේ ලේඛණයට සිය කාර්යාලයේදී අත්සන් තැබීය.
ඉන් අනතුරුව මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සී එස් තිබ්බොටුගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරි සමගින් රෙජිමේන්තුවේ භඨපිරිස් විසින් පිරිනමනු ලැබූ සම්මාන පෙළපාලියේ ආචාරය පිලිගැනීමට සහභාගි වීමෙන් පසු මෙම සුවිශේෂී දිනය සනිටුහන් කිරිමට පැලයක් රෝපනය කිරිම සදහා මධ්‍යස්ථාන සේනාවිධායකගේ ආරාධනයෙන් නව රෙජිමේන්තු අධිපති තුමන් සහභාගි විය.
මාතෘභූමිය භෞමික අඛණ්ඩතාවය හා ස්වරීත්වය වෙනුවෙන් උත්තරීතර පරිත්‍යාග සිදුකල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව ඇතුළු සමස්ත හමුදාවේ සියළුම ජිවිත පරිත්‍යාග කල වීරෝධාර නිලධාරි සහ සෙසුනිලයින් සිහිපත් කිරිම සදහා රණවිරු ස්මාරකය අසලදී පුෂපෝපහාර පුද කිරීමට එක් විය.
පසුව ඔහු රෙජිමේන්තුවට අයත් භඨපිරිස් අමතා සිය අභිලාෂයන් සහ ඉදිරි දැක්ම පිලිබදව භඨපිරිස් දැනුවත් කිරීමෙන් පසු සියළු නිලයින් සමග තේ පැන් සංග්‍රහය සදහා එක් විය.
උත්සව මාලාවේ අවසානය සනිටුහන් කරමින් රෙජිමේන්තුවේ අභිනවයෙන් පත් වු රෙජිමේන්තු අධිපති උත්සව අවස්ථාව සදහා සහභාගි වු සියළු නිලධාරීන් සමග ඡායාරූපයකට පෙනීසිටි අතර, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරි නිවස්නයේ දී දිවා භෝජන සංග්‍රහය සදහා සහභාගි විය.
මෙම සුවිශේෂී අවස්ථාව සදහා මන්ත්‍රන සභා සාමාජිකයින්, නව රෙජිමේන්තු අධිපති තුමන්ගේ සම කාලීන ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ නිලධාරීන්ගේ පවුල්හි සාමාජිකයින් සහභාගී විය.