Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

24th February 2018 20:55:02 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් හට වැඩමුළුවක් සාර්ථකව රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීන් සඳහා දෙදින පුහුණු වැඩමුළුවක් 2018 පෙබරවාරි මස 19, 20 හා 21 යන දිනයන්හිදී ඉතාමත් සාර්ථක අන්දමින් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පවත්වනු ලැබීය.

රෙජිමේන්තු අධිපති මේජර් ජනරාල් ඒ පි ද ඉසෙඩ් වික්‍රමරත්න ආර්ඩබ්ලිව්පි එන්ඩියු පිඑස්සී මැතිතුමාගේ සංකල්පයකට අනුව පැවැත්වීම සඳහා සැලසුම් කර ඇති වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුව වශයෙන් මෙය පැවැත්විණි.

මෙම වැඩමුළුව සදහා සහභාගි වුවන්ට විද්වත් දේශකයන්ගේ දේශනවලට සවන්දීමට අවස්ථාවක් උදාවු අතර එමගින් ඔවුන්ගේ දැනුම වර්ධනය කර ගැනීමට හැකියාව ලැබිණි. මෙම වැඩමුළුව දේශන, ශාරීරික අභ්‍යස, සරඹ, නිදර්ශණ හා සංවාද වලින් යුක්ත විය.