Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

21st June 2022 11:35:21 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවෙහි නව නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කර්නල් වජිර අමරසිරි වැඩ භාර ගනී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අභිනවයෙන් පත්වන ලද නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වජිර අමරසිරි ජ්‍යෙෂ්ඨ නිළධාරි 2022 ජුනි 13 වන දින අඹේපුස්ස ශ්‍රී ලංකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පැවති චාම් උත්සවයකදී වැඩ භාර ගන්නා ලදී.

එහිදී කර්නල් වජිර අමරසිරි ජ්‍යෙෂ්ඨ නිළධාරි නිල ලේඛනයකට අත්සන තබමින් නව තනතුරේ භාර ගැනීම සංකේතවත් කළේය. ඔහු කර්නල් දුලිත පෙරේරා ‍ ජ්‍යෙෂ්ඨ නිළධාරි ගෙන් පසුව පත් විය.

මේ සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ සෙසු නිලයින් කිහිප දෙනෙකු සහභාගිවන ලදී.