Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

22nd April 2019 13:19:48 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සූර්ය මංගල්‍යය - 2019 උත්කර්ෂවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව විසින් සංවිධානය කරනු ලැබූ සිංහ සූර්ය මංගල්‍යය - 2019 සිංහල හා දමිළ අලුත් අවුරුදු උත්සවය ඉරිදා (21) දින සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන ක්‍රීඩා පිටියේදී පවත්වනු ලැබීය.

රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ උපදෙස් මත මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ පූර්ණ අධීක්ෂණයෙන් සම්ප්‍රධායික ජන ක්‍රීඩා රැසකින් සමන්විත සිංහ සූර්ය මංගල්‍යය - 2019 උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මෙම උත්සවයට සමගාමීව කොළඹ නාලන්දා විද්‍යාලය නියෝජනය කරමින් ක්‍රිකට් ක්‍රිඩාවෙන් සුවිශේෂි දක්ෂතා දක්වා වයස 19 න් පහල ජාතික සංචිතයට තේරී පත්ව සිටින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රමානි 1 වශයෙන් රාජකාරි කරනු ලබන ලුතිතන් කර්නල් ලක්මාල් පෙරේරා ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ පුතනුවන් වන අවිශ්ක පෙරේරා විශේෂ ඇගයීමකට ලක් කරන ලදි.

ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් රෙජිමේන්තු අධිපති තුමන් සහ එම මැතිණිය සහභාගී වූ අතර විශ්‍රාමික හා සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් එම මැතිණියන් ද රෙජිමේන්තුවේ සේවයේ නියතු නිලධාරී සෙසුනිලයින්ගේ පවුල්වල සාමාජිකයින් රැසක් ද සිංහ සූර්ය මංගල්‍යයට සහභාගී විය.