Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

21st June 2022 12:00:36 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නව සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල ජ්‍යෙෂ්ඨ නිළධාරි වැඩ භාර ගන්නා ලදි.

බ්‍රිගේඩියර් නිශාන්ත මුතුමාල ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ 24 වන සේනාවිධායක ලෙස 2022 ජුනි 15 වන දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී වැඩ භාර ගන්නා ලදී.

කාර්යාලය වෙත පැමිණ ආගමික වතාවත් මධ්‍යයේ එතුමා නව ධූරයේ වැඩ භාර ගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තැබීය. එහිදී උත්සවයට සහභාගී වූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නව සේනාවිධායකතුමන් වෙත සුභ පැතුම් පිරිනමන ලද අතර, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ප්‍රියන්ත ජයවර්ධන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් ද කාර්යාලය වෙත පැමිණ එතුමන් වෙත සුභ පැතුම් එක්කලහ.

අනතුරුව, ඔහු සිංහ රෙජිමේන්තුව සරඹ භූමයේ පැවති වර්ණවත් සරඹ පෙළපාළියේ දී ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන භට පිරිස් විසින් පිරිනමන ලද ගෞරවාචාරය ද පිළීගත්හ.

ආකර්ශනීය හා ගෞරවාන්විත හමුදා පෙළපාලිය, අභිනවයෙන් පත්වූ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් ඇමතූ අතර, හමුදා සම්ප්‍රදායානුකූලව පෙළපාලි අණදෙන්නා සමග රෙජිමේන්තු නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් වජිර අමරසිරි ජ්‍යෙෂ්ට නිලධාරී ද ප්‍රධාන ආරාධිත අමුත්තා සමඟ පෙළපාලියට එක්විය.

පසුව ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් කඳවුර පරිශ්‍රයේ අඹ පැළයක් රෝපණය කරම්න් එම අවස්ථාවට මතක සටහනක් එක්කරන ලදි.

ඉන් අනතුරුව එතුමන්, මාතෘ භූමිය වෙනුවෙන් තම අමිල ජීවිත පුදදුන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරුවන් සිහිපත් කරමින් ඔවුන්ගේ නිර්භීතකමට කෘතගුණ දක්මින් සිංහ රෙජිමේන්තු රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකලහ.

මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් රැසක් එක්ව සිටියහ.