Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th February 2024 22:23:10 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු බළලත් නිලධාරි ‘ආසියානු බර ඉසිලීමේ තරඟාවලියේ’ දස්කම් පෙන්වයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ බළලත් නිලධාරී II ප්‍රදීප් එස්එස් 2023 දෙසැම්බර් 10 දින සිට 18 දින දක්වා මැලේසියාවේ පැවති 'ආසියානු බර එසවීමේ ශූරතාව - 2023' තරඟාවලියෙන් රිදී පදක්කම් 3ක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගත්තේය. මේ සඳහා කසකස්තානය, ඉරානය, පිලිපීනය, ඉන්දියාව, මැලේසියාව, තායිලන්තය සහ චීනය නියෝජනය කරමින් තරඟකරුවන් 15කට අධික පිරිසක් තරඟයට සහභාගී විය.

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පි විඑස්වි යුඑස්පි එන්ඩීයු ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින්, 2024 ජනවාරි 23 වන දින ආසියානු පවර් ලිෆ්ටිං ශූරතාවලියේදී දැක්වූ ඔහුගේ සුවිශේෂී කැපවීම අගයන ලදී.