Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

01st February 2018 18:20:54 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නව අධිපති රාජකාරීන් ඇරඹීම

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවෙහි 09 වන රෙජිමේන්තු අධිපති වශයෙන් මේජර් ජෙනරාල් ඒපි ද ඉසෙඩ් වික්‍රමරත්න ආර්ඩබ්පි එන්ඩියු පිඑස්සි සම්ප්‍රදායානුකුලව වැඩ භාර ගැනීමේ උත්සවය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අඹේපුස්ස හිදී පැවැත්වින.

විශ්‍රාම ලබා සිටින හිටපු රෙජිමේන්තු අධිපතිත් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, විශ්‍රාමික ජ්‍යෙකොනොනීන්, සේවයේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හා සෙසුනිලයින්ගේ සභාගිත්වයෙන් වර්ණවත් සම්මාන මුරයක් හා කදවුරු මුරයක් නව රෙජිමේන්තු අධිපති වෙත පිරිනමන ලදී. සම්ප්‍රදායානුකුලව පොල්තෙල් පහන දැල්වීමෙන් අනතුරු ආගමික චාරිත්‍ර වාරිත්‍ර මධ්‍යයේ නව රෙජිමේන්තු අධිපති ලෙස වැඩ ඇරඹීම සනිටුහන් කිරීම, රාජකාරි ලිපියන් අත්සන් තැබීම සිදුකරනු ලදි.

නව රෙජිමේන්තු අධීපති ලෙස රාජකාරින් ඇරඹීමත් සමග රට ජාතිය ආරකෂා කිරීම සදහා තම ජීවිත පරිත්‍යාගකල ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු රණවිරුවන් සිහි කරනු වස් රණවිරු ස්මාරකය අභියස ගාම්භීර උත්සවයක් පවත්වන ලද අතර වැඩ ඇරඹීම සනිටුහන් කිරීමට පැළයක් ද රෝපණය කරන ලදී.

ඉන්පසුව, රෙජිමේන්තු අධිපති, ජ්‍යෙෂ්ඨ විශ්‍රාමික නිලධාරීන් සහ සේවයේ යෙදී සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් බනි සැරයන් නිවස්නය සුදානම් කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වු අතර සෙසු නිලධාරීන් සහ බිරින්දෑ වරුන් පිහුණුම් තඨාක පරිශ්‍රයෙහි සුදානම් කරන ලද තේ පැන් සංග්‍රහයට සහභාගී වන ලදී.

රෙජිමේන්තු අධිපති විසින් සියලු නිලයන් අමතන ලද අතර එහිදී වසර 61 ක පෞඩ අභිමානයකට හිමිකම් කියන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව අභිමානවත් රණවිරුවන්ගෙන් සමන්විත අතර ඔවුන් මව්බිම නිදහස් කරන ලද මානුෂිය මෙහෙයුමේදි මෙන් ඉන් අනතුරුවද ඔවුන් කැපීපෙනෙන කාර්යභාරයක් ඉටුකල බව සදහන් කල අතර වෘත්තීය නිපුනතාව තුලින් සාර්ථකත්වය අත්පත්කරගත හැකි බවද තවදුරටත් පවසන ලදී.

අවසන් වශයෙන් සියලුම මියගිය සිංහ විරුවන් වෙත ඔහුගේ හෘදයාන්ගම ප්‍රසංසාව පිරිනමන ලද අතර තුවාල ලත් රණවිරුවන් හට ඉක්මන් සුවයද ප්‍රාර්ථනා කරන ලදී.