Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

12th February 2024 22:49:25 Hours

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි පිහිණුම් තරඟාවලිය සාර්ථකව අවසන්

8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස් විසින් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බලඇණි පිහිණුම් තරඟාවලිය - 2024, අඹේපුස්ස ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී 2024 පෙබරවාරි මස 08 දින පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් ඩබ්ලිව්.පී.ඒ.ඩී.ඩබ්ලිව්. නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ සහභාගී විය.

තරඟාවලියේ කණ්ඩායම් ශූරතාවය 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව දිනාගත් අතර, අනුශූරතාවය 11 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට හිමිවිය. තරඟාවලියේ දක්‍ෂතම පිහිනුම් ක්‍රීඩකයාට හිමි සම්මානය 1 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රයිෆල් සෙබළ ඊ.එම්.කේ.ජී.එස්. බණ්ඩාර දිනාගත්තේය.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.