16th May 2025 07:45:54 Hours
රෙජිමේන්තු අධිපති ධුරයට පත්වීමෙන් පසු මේජර් ජෙනරාල් ජේකේආර් ජයකොඩි ආර්ඩබ්ලිව්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2025 මැයි මස 09 වන දින අඹේපුස්ස රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ස්ථානගත 1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව වෙත සිය මංගල සංචාරය සිදුකරන ලදි.
1 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී මේජර් එම්ඒඑන්සී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් විසින් බලඇණි මූලස්ථානයේදී රෙජිමේන්තු අධිපතිතුමන් උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර එහිදි කඳවුරු මුරයක් ද පිරිනමන ලදී.
ඉන්පසු රෙජිමේන්තු අධිපති විසින් භඨ පිරිස් අමතමින් බලඇණිය තුළ විනය සහ පුහුණුව ඉතා උසස් මට්ටමින් පවත්වා ගැනීමේ ඇති වැදගත්කම අවධාරණය කල අතර, ක්‍රියාන්විත සූදානම සහ වෘත්තීයේ ගුණාත්මකභාවය පවත්වා ගැනිම සදහා පුහුණුවේ ඇති වැදගත්කම අවධාරණය කරන ලදි.
තවද මෙම සංචාරය සිහිපත් කිරීම සඳහා, රෙජිමේන්තු අධිපතිතුමන් කඳවුරු පරිශ්‍රය තුළ අඹ පැළයක් රෝපණය කල අතර, බළඇණියේ සියලුම නිලයන් සහභාගී වූ තේ පැන් සංග්‍රහයකින් දිනයේ කටයුතු අවසන් විය. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්ඒඅයි පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී සහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ද මෙම සංචාරයට සහභාගී විය.