Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

25th September 2019 17:35:46 Hours

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය විසින් සංවිධානය කරන ලද ක්‍රිඩා රාත්‍රිය සාර්ථකව අවසන් විය.

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන නිළධාරීන් විසින් සංවිධානය කරන ලද නිළධාරි ක්‍රිඩා රාත්‍රි ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු නිළධාරි නිවස්නයේ දි 2019 සැප්තැම්බර් මස 20 වන දින සන්ද්‍යාවේදී පැවැත්විණි. එහි ප්‍රධාන අරාධිත අමුත්තා වශයෙන් ශ්‍රි ලංකා යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි හා ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් කුමුදු පෙරේරා ජ්‍යෙෂ්ඨ නිළධාරි හා එම මැතිණිය සහාභාගි වන ලදි.

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු නිළධාරින් හා ඔවුන්ගේ බිරින්දෑවරුන් හා දුවා දරුවන් සමග මෙම ක්‍රිඩා රාත්‍රිය සදහා සහභාගී විය. විවිධ ක්‍රිඩා ඉසව් අහාරපාන හා ඩි.ජේ අංගයන් ඇතුලු විවිධ අංගයන් මීට ඇතුලත් විය.