Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

31st October 2022 11:25:15 Hours

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු අන්තර් බළඇණි සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය - 2022 සාර්ථකව නිමාවිය

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවට වසර 66 සපිරිම නිමිත්තෙන් ඒකකයන් අතර සුහදතාවය වර්ධනය කිරිමේ අරමුණින් පැවති සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය 2022 ඔක්තෝබර් මස 27 වන දින 68 වන පාබල සේනාංකය යටතේ ඇති 3 (සෙව්) විපාරෙ ක්‍රිකට් ක්‍රිඩාංගනය - පුදුකුඩිඉරිප්පු හිදි පවත්වන ලදි.

අවසන් මහා තරගය සහ සමාප්ති උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 68 වන පාබල සේනාංක මුලස්ථානයේ සේනාංකාධිපති සහ ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තු ක්‍රිකට් කමිටුවේ සභාපති මේජර් ජෙනරල් ආර්ඩබ්ලිව් පොන්නම්පෙරුම ආර්එස්පි පීඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි වු අතර මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්පිඑන්ඒ මුතුමාල යුඑස්පි පිඑස්සි, සිංහ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයින් මෙම උත්සවය සදහා සහභාගි වන ලදි.

සිංහ රෙජිමේන්තු ක්‍රිකට් කණ්ඩායමට නවක ක්‍රිඩකයින් තෝරාගැනිමේ අරමුණින් පැවති මෙම තරගාවලිය සදහා බලඇණි 17 ක් නියෝජනය කරමින් සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම් 17 ක් සහභාගි වුහ. කණ්ඩ 4 ක් යටතේ මුලික වටයේ තරග 10 ක් පැවති අතර එම තරග අතරින් ජයග්‍රාහි කණ්ඩායම් සුපිරි 8 දෙනාගේ වටය සදහා සුදුසුකම් ලැබිය. සුපිරි 8 දෙනාගේ කණ්ඩායම් කාණ්ඩ 02 ක් යටතේ රැලි ක්‍රමයට තරග 12 ක් සදහා සහභාගි වු අතර එහිදි තෝරාගන්නා ලද කණ්ඩායම් 4 අතර අවසන් පුර්ව තරග 2 ක් පැවති අතර අවසන් මහා තරගය සදහා 6 ශ්‍රිලංසිරෙ සහ 3 (සෙව්) ශ්‍රිලංසිරෙ සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම් සුදුසුකම් ලැබිය. අවසන් මහා තරගයේ ශුරතාවය 3 (සෙව්) ශ්‍රිලංසිරෙ සැහැල්ලු පන්දු ක්‍රිකට් කණ්ඩායම දිනාගත් අතර 6 ශ්‍රිලංසිරෙ ඒකක කණ්ඩායම අනුශුරයන් බවට පත්විය.

ප්‍රධාන ආරාධිත අමුත්තා විසින් තරගාවලියේ ජයග්‍රාහකයින් වෙත කුසලාන, සහතික පත්‍ර සහ පදක්කම් බෙදා දෙමින් ක්‍රිඩකයින්ගේ දක්ශතා ඇගයිමට ලක්කරමින් ඔවුන් වෙත සුභ පැතුම් එක්කලේය.