Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

18th February 2019 13:12:19 Hours

යුද්ධ හමුදාපති තුමන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරය කරයි

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම්කේඩී පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ආරාධනය අනුව යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් එන්යූඑම්එම්ඩබ් සේනානායක ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒසීජීඑස්සී 2019.02.13 දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරය කරන ලදී. එදින දිනය පුරා සිංහ පියසෙහි ගතකල යුද්ධ හමුදාපති තුමන් විසින් සිංහ විරුවන් වැඩ අවසන් කල ව්‍යාපෘතීන් රාශියක් සෙබල අයිතියට පත්කරන ලදී.

සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත පැමිණි යුද්ධ හමුදාපති තුමන් මහත් හරසරින් යුතුව රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් එම්කේඩී පෙරේරා ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් පිළිගන්නා ලද අතර උඩරට නැටුම් හා බෙර වාදනය මධ්‍යයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රධාන දොරටුව විවෘත කිරීම හා එහි සමරුඵලකය යුද්ධ හමුදාපති තුමන් අතින් නිරාවරණය කරන ලදී.

අනතුරුව සම්ප්‍රධානුකූල සම්මාන ආචාර පෙළපාලියක් පිරිනැමූ අතර යුද්ධ හමුදාපති තුමන් විසින් සිංහ රෙජිමේන්තු ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුදකරමින් මියගිය රණවිරුවන්ට ගෞරවාචාර පුදකරන ලදී.

බනි/සැරයන් නිවස්නයේ සූදානම් කර තිබූ තේ පැන් සංග්‍රහයට සහභාගී වූ යුධ හමුදාපති තුමන් අනතුරුව සිංහ සේවාවනිතා සාමාජිකාවන් සමඟ කෙටි වේලාවක් ගතකළ අතර ඔවුන්ගේ ඉදිරි සැළසුම් නිරීක්ෂණයට ලක්කරන ලදී. ඊට සමගාමීව යුධ හමුදා අරමුදලින් ඉදිකරන ලද නවීන මුලුතැන්ගෙය විවෘත කිරීමද යුධහමුදාපති තුමන් විසින් සිදුකරන ලදී. පසුව සියලු නිල දිවා භෝජන සංග්‍රහයට සහභාගී වූ එතුමන් කඳවුරු සංචාරය සඳහාද වේලාව වෙන්කරගෙන තිබිණි.

එදින වැඩසටහන් පෙළගැස්මේ අවසන් අධියර ලෙස යුද්ධ හමුදා සම්ප්‍රදායන් අනුගමනය කරම්න් රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, නිළධාරීන් සහ ඔවුනගේ භාර්යාවන් සමඟින් රාත්‍රී භෝජන සංග්‍රහයකටද සහභාගී විය.