Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

26th December 2024 15:14:15 Hours

යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මහනුවර අසරණ පවුලක් සඳහා නව නිවසක් විවෘත කරයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය සැමරීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ විසින් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලදී. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සීඑස් තිබ්බොටුගේ විසින් මෙහෙයවන ලද සහ අධීක්‍ෂණය කරන ලද මෙම ව්‍යාපෘතිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සියලුම ඒකක සම්බන්ධ කර ගනිමින් 6 වන බලඇණිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ ලුතිනන් කර්නල් ඊජේබීයූපී එගොඩගෙදර යූඑස්පී පීඑස්සී අණදෙන නිලධාරී විසින් ක්‍රියාත්මක කරන ලදී.

මෙම ප්‍රයත්නයේ කොටසක් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ හපන ගම්මානයේ අංක 87 හි පදිංචි උපුල් චන්ද්‍රසිරි මහතාගේ පවුලේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණින් මෙම නිවාස ව්‍යාපෘතිය ඉදිකරන ලදී. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය සමරමින් 2024 නොවැම්බර් 09 වන දින ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්පීඒඩීඩබ්ලිව් නානායක්කාර ආර්එස්පී වීඑස්වී යුඑස්පි එන්ඩීයූ විසින් නව නිවස චන්ද්‍රසිරි මහතා වෙත ප්‍රදානය කරන ලදී.