Header Sinhala

ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුව

නිර්භිත වේගවත්

07th December 2019 15:43:14 Hours

මේජර් ජෙනරාල් කේ එච් පී පී ප්‍රනාන්දු ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු සහ මේජර් ජෙනරාල් බී ඒ එල් රත්නායක ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේජර් ජෙනරාල් නිළයට උසස්වීම ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී සමරන ලදී.

මේජර් ජෙනරාල් පාලිත ප්‍රසන්න ප්‍රනාන්දු ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු සහ මේජර් ජෙනරාල් ලලිත් රත්නායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මේජර් ජෙනරාල් නිළයට උසස්වීම නිමිත්තෙන් උත්සව මාලාවක් 2019 දෙසැම්බර් මස 07 වන දින ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය - අඹේපුස්ස හිදී පැවැත්විණ.

\

සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලාවෙල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් නවතමයෙන් නිළ උසස්වීම් ලැබු මේජර් ජෙනරාල් පාලිත ප්‍රසන්න ප්‍රනාන්දු ආර්ඩබ්පී ආර්එස්පී යුඑස්පී එන්ඩීයු සහ මේජර් ජෙනරාල් ලලිත් රත්නායක යන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර කදවුරු සම්මාන මුරයක් හා වර්ණවත් සම්මාන පෙළපාලියක් ලබාදීමෙන් මහත් හරසරට පත්කරන ලදී. අනතුරුව රණවිරු ස්මාරකය වෙත පැමිණි එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මියගිය රණවිරුවන් සිහි කරමින් පුෂ්පෝපහාර දක්වන ලදී.

පසුව එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් සියළු නිල තේ පැන් සංග්‍රහයක් බනි සහ සැරයන් නිවස්නයේදී පැවැත්වූ අතර නිළධාරී නිවස්නය මගින් ප්‍රනීත දිවා භෝජන සංග්‍රහයක් සුදානම් කර තිබිණි.